2011 සිට 2014 දක්වා Android හි සිංහල සහය නොමැතිව ගෙවුනු තුන් වසරක කාලය තුළ, අන්තර්ජාලයේ සිංහල අක්ෂරයන්ට පණපෙවූ SETT Browser අපගේ පළමු නිපැයුමේ අමිල මෙහෙවර, දැන් Android 5.0 Lollipop නවතම අනුවාදයෙන් නිළ සිංහල සහය ලැබීමත් සමඟම නිමා වී ඇත. මෙතෙක් එම මෙහෙවර මැනෙවින් ඉටු කරමින් ජාතික හා ජාත්‍යන්තර සම්මාන ගණනාවකින් පිදුම්ලත්, සිංහල සහය දැක්වූ ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් ඇප් මෘදුකාංගය ලෙස ඉතිහාසයට එක් වූ අපගේ එම පළමු නිපැයුමේ නිර්මාණ කටයුතු අප මෙතැනින් නිමා කරන වග ඒ හා ලබැඳිව සසැඳි ඔබ සැම වෙත කෘතඥපූර්වකව දැනුම් දෙමු.
නමුත් එම නිපැයුමෙන් ඇරඹි අපගේ ගමන්මග ඔස්සේ සැදි, Bhasha නාමය ශ්‍රී ලාංකේය ඇප් අවකාශය තුළ බබළවන, අපගේ පසු නිර්මාණ පෙළ ඔස්සේ අපගේ මෙහවර ඉදිරියටම ගෙනයමින්, අඛණ්ඩව ශ්‍රී ලාංකේය ඔබට සේවය සැලසීමට අප සැදී පැහැදී සිටින බව සොම්නසින් දන්වා සිටින්නෙමු.
අප හා නිබඳව රැඳී සිටින ඔබට ස්තූතියි!
-Bhasha අපි-
ප.ලි. ඔබේ Android දුරකථනයට Lollipop අනුවාදය ලැබෙන තෙක් හෝ ඔබ Android Lollipop අනුවාදය සහිත දුරකථනයක් මිල දී ගන්නා තෙක්, ඔබේ පරිශීලනය සඳහා SETT Browser තව දුරටත් Google Play අවකාශයේ පවතිනු ඇති.
අපගේ පසු නිර්මාණ පෙළ
- හෙළකුරු - ඔබේ දුරකථනයෙන් සිංහල ලියන්න
- MobiTV - ලංකාවේ රූපවාහිනී නාලිකා ඔබේ දුරකථනයෙන් නරඹන්න
- භාෂා ශබ්දකෝෂය - ඉංග්‍රීසි වදන් වල සිංහල අරුත් දැනගන්න
- භාෂා හසුන් - සිංහලෙන් SMS යවන්න
- භාෂා පුවත් - තැන තැන ඇති පුවත් එකම තැනකින් කියවන්න
- භාෂා වියුණු - ඔබේ දුරකථනයෙන් සිංහල බ්ලොග් කියවන්න
෴
No comments:
Post a Comment