Friday, December 30, 2016

ජංගම දුරකතනයේ හෙළකුරට අවුරුදු 5 යි...!




වසර 5 කට පෙර ශ්‍රී ලාංකික ජංගම දුරකථන පරිශීලකයන් හට හදුන්වාදුන් හෙලකුරු ජංගම දුරකථන යෙදුමට අද  වන විට වසර පහක් ගතවී ඇති බව අප සදහන් කරනුයේ ඉතාමත්ම සතුටිනි.

 මදකට අප මතකය මීට වසර 5 කට පෙර කාලය වෙත ගෙන ගියහොත් අපට  මතක් වන්නේ එම  කාලය තුළදී  ලංකාවට අලුතින් හදුන්වාදුන් ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ අප දේශීය  භාෂාව වන සිංහල, කියවීමට සහ ලිවීමට තිබූ බාධකයයි. 


එම බාධකයන් ජය ගැනීමේ අරමුණෙන් මීට වසර 5කට පෙර බිහිවූ අප භාෂා ආයතනය මගින් ප්‍රථමයෙන් හදුන්වාදුන් “Sett Browser” ජංගම යෙදුමෙන් සිංහල කියවීමටත්, ඊට ස්වල්ප කාලයකට පසු එළි දැක්වූ හෙලකුරු ජංගම යෙදුම මගින් අපට අවශ්‍ය පරිදි දුරකථනය තුළ සිංහල අකුරු ලිවීම මගින් දේශීය අනන්නයතාව සුරැකෙන පරිදි අන්තර්ජාලය තුල සන්නිවේදනය කිරීමට ඉඩ පහසුව ශ්‍රී ලාංකික ජනතාව වෙත සැලසුණි. 


හෙලකුරු නම් නිර්මාණය තුල ඉතාමත්ම පැහැදිලි සමාජීය වගකීමක් ඇත. එනම් අප මවු බස වන සිංහල භාෂාවෙහි, අන්තර්ජාලය තුල තිබිය යුතු ස්වාධීන අනන්‍යතාව සුරැකීමයි . පුරා වසර 5ක් පුරාවටම හෙලකුරු තම වගකීම නිසිලෙස ඉටු කල ලෙසම තව දුරටත් ශ්‍රී ලාංකිකයන් හට සේවාව සැපයීමට හෙලකුරු සුදානමෙන් සිටින බව අප මතක් කරන්නෙමු.


වර්තමානය වන විට හෙලකුරු ශ්‍රී  ලාංකේය ජනතාවගේ පොදු මිතුරෙකු බවට පත්ව ඇති බව අපගේ දැනෙන්නේ  නිරන්තරයෙන් අප හා සම්බන්ධ වන ආදරණිය ශ්‍රී ලාංකික පරිශීලකයන්ගේ ප්‍රසංසා සහ දිරි ගැන්වීම් නිසාවෙනි. 








Wednesday, December 7, 2016

Bhasha wins e-Swabhimani National Award for the 5th time


Bhasha wins e-Swabhimani National Award for the 5th time, counting the 15th overall Award we won as a Sri Lankan IT Company.

Wednesday, November 30, 2016

හෙළකුරු දැන් අලුත් මුහුණුවරකින් සහ නවතම විශේෂාංග රැසකින්



ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම බාගත කිරීම් ප්‍රමාණයක් ඇති හෙළකුරු දුරකථන යෙදුම සදහා ප්‍රධානතම යාවත්කාලීන (Update) කිරීමක් මීට දින කිහිපයකට පෙර අප විසින් ලබා දී ඇත. මීට වසර 5 කට පෙර හදුන්වාදුන් හෙළකුරු ජංගම යෙදුම වර්තමානය වන විට ශ්‍රී ලාංකේය ජංගම දුරකථන භාවිතා කරන්නම් අතර වැඩියෙන්ම භාවිතා වන ජංගම දුරකථන යෙදුමක් බවට පත් වී ඇති  බව තහවරු වන්නේ මිලියන  2 ඉක්මවූ භාගත කිරිම සහා මිලියනයකට වැඩි වූ දෛනික පරිශීලක ප්‍රමාණයක් නිසාවෙනි.



පෙර හෙළකුරු සදහා අප විසින් ලබා දී තිබු යතුරු පුවරු පසුබිම් කිහිපයක් වුවත් වර්තමානයේදී යතුරු පසුබිම් මුහුණුවරට ඉතාමත්ම අලංකාර පසුබිම් රූප ගණනාවක් ලබා දී ඇති අතර ඔබට අවශ්‍ය නම් ඔබ කැමති ජායාරුපයක් වුවද භාවිතා කරන්නට අවස්තාව දී ඇත. මෙහිදී ඔබට තම අභිමතය පරිදි රූපයක් තම හෙළකුරු යතුරු මුහුණුවර සදහා යොදාගත හැකිවන පරිද්දෙන් අප සහය සකසා ඇත්තේ සැමවිටම ඔබ කැමති දේ ලබා දීමට අප උත්සාහ කරන නිසාවෙනි.

හෙළකුරු, මුඋලිකවම ජංගම දුරකථන යතුරු මුහුණතක් වුවත් මෙවර අප ජංගම දුරකතන යතුරු පුවරුවකින් ලබාදෙන සේවාවන් වලට වැඩි යමක් ඔබට ලබාදීමේ පරීක්ෂණ මට්ටමේ උත්සහයක් දරා ඇත. එනම් දැනට ලෝකයේ යම් දියුණු රටවල් වල භාවිතා කරන " සියල්ල සදහා එකක්" ( All in one ) යන සංකල්පයයි.


හෙළකුරු මගින් දැන් ඔබට අකුරු කරනවාට අමතරව ප්‍රවෘති කියවීමට, ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නැරඹීමට, ලංකාවේ අලුත්ම Music Videos නරඹන්නට මෙන්ම හාස්‍යම  Videos නරඹන්නටද හැකියාව ඇත. 

මෙම නවතම යාවත්කාලීන කිරීමෙන් ඔබ ජංගම දුරකථනය මගින් සිදු කරගන්නා දෛනික කටයුතු රැසක්, ඔබට හෙලකුරු තනි දුරකථන යෙදුම මගින් පහසුවෙන් සිදු කර ගැනීමට පුළුවන් වී ඇති බව අපගේ විස්වාසයයි.


Saturday, November 12, 2016

INFOTEL 2016 - Official Mobile App



The Official Mobile App of INFOTEL 2016 powered by Bhasha launched today by the Hon. Minister Harin Fernando, The Minister of Telecommunication & Digital Infrastructure & Dhanika Perera, Founder & CEO of Bhasha at the Exhibition premises at BMICH today!

Friday, November 11, 2016

INFOTEL 2016



Infotel 2016 ශ්‍රී ලංකාවේ දැවැන්තම ICT  ප්‍රදර්ශනය මෙම වසරේද නොවෙම්බර් මස 11,12,13 යන දිනයන්හි, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී අති විශාල ජන සහබාගීත්වයකින් පැවැත් වුණි.පෙර වසරවල් වල දී මෙන්ම මෙවරත් අප භාෂා ආයතනය, INFOTEL 2016 ප්‍රදර්ශනයට සහභාගී වුනු අතර මෙවර අප විසින් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මහජනතාවගේ පහසුව තකා Infotel ප්‍රදර්ශනය පිළිබද තොරතුරු ඇතුලත් ජංගම දුරකථන යෙදුමක් ද ඉදිරිපත් කරන ලදී.

අප ආයතනය විසින් නිරමාණය කරන ලද ජංගම දුරකථන යෙදුම් මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයන් භාවිතා කරත් අපගේ ආදරණීය පරිශීලක ජනතාව මුහුණට මුහුණ හමුවීමට ඇත්තේ ඉතාමත්ම අඩු අවස්ථාවකි. එමනිසා Infotel වැනි මහජනයා එකතු වන ප්‍රදර්ශන වලට සහහාගී විමට අප දක්වන්නේ විශාල කැමැත්තකි.




මේවර අප විසින් ප්‍රදර්ශනයේදී එළි දක්වනු ලැබුවේ අප ආයතනයේ ප්‍රධානතම  නිපයුමක් වල හෙළකුරු ජංගම දුරකතන යෙදුමේ නව සංස්කරණයයි. පසුගිය වර්ෂ වලදී මෙන්ම මෙම වසරේද අප හිතවත් පරිශීලකයන් බොහෝ පිරිසක් සමග අදහස් හුවමාරු කරගැනීමට අවස්තාව ලැබුණු අතර ඔවුන්ගෙන් අපට ලැබුණු දිරි ගැන්වීම පිලිබදව අපට ඇත්තේ ඉමහත් සතුටකි.












Monday, November 7, 2016

භාෂා ආයතනයට තවත් ජාතික සම්මානයක් හිමිවෙයි


භාෂා ලංකා ආයතනයේ තවත් එක් නිර්මාණයක් වන Puvath Reader ජංගම දුරකථන  යෙදුම 2016 වසරේ e-ස්වාභිමානී ජාතික සම්මානයෙන් පිදුම් ලබයි. Puvath Reader ජංගම දුරකථන යෙදුම හරහා ශ්‍රී ලංකික ජනතාවට පහසු වන ආකාරයෙන් ලංකාවේ සියලුම පුවත් එක් තැනකින් කියවීමට හැකියාව සලසා දී ඇත.

Monday, October 10, 2016

Bhasha AGM & 5th Anniversary



For 5 years we worked under the vision of "Empowering the Masses" offering localized mobile solutions to empower Sri Lankan lives & gaining many recognitions throughout the 5 years for what we did.

We could also successfully accomplish our last year's mission of being the No.1 Mobile App brand in Sri Lanka by being the producers of Sri Lanka's most downloaded mobile apps #Helakuru & #MobiTV and being the enterprise mobile solution provider for country's top organizations including #Parliament#LakeHouse#SLRC & #BoC within the last year.
Now we believe it's high time for us to expand our mobile expertise beyond the boundaries of Sri Lanka & we have set our next year's mission as "Going Global" accordingly to empower the globe with our expertise. We wish all our staff who promoted during our AGM this year to better serve Bhasha in the journey of accomplishing our new mission.







Tuesday, August 16, 2016

Bhasha Partners with Google


We're glad to announce you that Bhasha is now a Strategic Partner of Google & the first local market targeted Sri Lankan Technology Company to be a Strategic Partner of Google.
Google's South Asia Country Lead, Ahmad Nawaz officially informed this Exciting News to our Founder Dhanika Perera at a meetup held at Taj Samudra Hotel last week.

Friday, February 19, 2016

හෙළකුරු මිලියනය පසුකළ වගයි



අපි ජීවත් වන ලෝකයෙහි විවිධ වූ භාෂාවන් දහස් ගණනක් ඇත. ශ්‍රී ලාංකේය අප එදිනෙදා ජීවිතයේ අදහස් හුවමාරු කරගන්නා විට ප්‍රධාන වශයෙන්ම භාවිතා කරනුයේ ඉන් සිංහල, දෙමල සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයයි. ශ්‍රී ලංකාවේ බහුතරයක් භාවිතා කරන භාෂාව සිංහල වන අතර අප නිවසේදී, පාසලේදී , මග තොටදී, කාර්යාලවලදී එකිනෙක සමග අදහස් හුවමාරු කරගන්නේ අපට සුපුරුදු සිංහලෙනි. මන්ද අප ජීවිතයට හොදින්ම තේරෙන සහ අපට අපගේ සිතුවිලි සහ අදහස් එලෙසිනම අන්‍යයන් සමඟ බෙදා ගැනීමට සිංහල භාෂාව තරම් ගැලපෙන ලොව වෙන කිසිදු භාෂාවක් නොමැති නිසාය.
වර්තමානයේ ශ්‍රී ලාංකිකයක් වැඩිවශයෙන්ම අදහස් හුවමාරු කරගැනීමට සමාජ ජාලා (Facebook, twitter, Instagram) වැනි මාධ්‍යන් බහුලව භාවිතා කරන අතර එයට වැඩියෙන්ම යොදා ගන්නේ ඕනෑම මොහොතක තමන් සතුව ඇති ජංගම දුරකතනයයි.
මීට වසර කිහිපයකට පෙර ජංගම දුරකථන මගින් ශ්‍රී ලාංකේය ජනතාවට තම මවු භාෂාව වන සිංහල, තම ජංගම දුරකතනයෙන් අකුරු කිරිමේ හැකියාවක් නොතිබුණි. එවිට බොහෝදෙනා සිදුකළේ සිංහල ශබ්දයට අනුව ඉංග්‍රීසි අකුරු කිරීමයි (සිංග්ලිෂ්). සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස අප එදා අපගේ සුන්දර වූ මවු භාෂාව ඉංග්‍රීසි අකුරු වලින් අවලස්සන වීම පිලිබඳව කනස්සල්ලට පත් වූවත් ඊට වෙන විසදුමක් නොතිබුණි.
 මීට තෙවසරකට පෙර අප භාෂා සමාගම විසිත් හෙළකුරු ජංගම යෙදුම නිර්මාණය කරන්නේ ලෝකයා හමුවේ ශ්‍රී ලාංකේය සිංහල භාෂාවේ අනන්‍යතාවය තහවරු කිරීමේ බලාපොරොත්තුවක් ඇතිවය. අපගේ එම බලාපොරොත්තුව ඉටු වී ඇතැයි කියා අපට දැනෙන්නේ 2016 අද වනවිට අපට ඉතාමත් සමීප සමාජ ජාල තුල අප මවු භාෂාව සිංග්ලිෂ් ආකාරයෙන් අවලස්සන වී තිබෙනු දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන් නිසාය. ඒ පිළිබඳ නෙත ගැටෙන සෑම මොහොතකම අප හිත් තුළ නිහතමානි ශ්‍රී ලාංකේය ආඩම්බරයක් ඇති වෙන්නේ එයට අප ඉමහත් ලෙස දායක වූ බැවිනි. එලෙසින්ම, ඔබත් ලෝකයා හමුවේ අප මවු භාෂාව වන සිංහල එලෙසම භාවිතා කරමින් ශ්‍රි ලාංකේය අනන්‍යතාව තහවරු කරගන්නා පුදිගලයෙකු ලෙස ඔබටත් ඒ පිළිබඳ ආඩම්බර විය හැක.

අද දින භාෂා අප හට ඉතාමත්ම සතුටු දිනයකි. මන්ද ශ්‍රී ලාංකීය ජන සමාජයට තමන් සතු ජංගම දුරකථනයෙන් සිංහල භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ලබාදුන් හෙළකුරු සිංහල යතුරුපුවරුව ඩවුන්ලෝඩ් සංඛ්‍යාව මිලියනය පසුකරමින් මිලියනයක් වූ ශ්‍රී ලාංකීය ජනතාව සවිබලගැන්වීමට සමත් වූ හෙයිනි ෴



Friday, February 5, 2016

MobiTV becomes the 1st Sri Lankan Mobile App to reach 1 Million Downloads


අප සමාගමක් ලෙස නිරන්තරයෙන් සිදු කරන්නේ, අප තුල ඇති තාක්ෂණික දැනුම සහ අත්දැකීම් එකට ගොනු කොට ශ්‍රී ලාංකික ජනතාවට එදිනෙදා ජිවිතයේදී වඩාත් ප්‍රයෝජනවත් වන ජංගම දුරකථන මෘදුකාංග නිර්මාණය කිරීමයි.
"මහ ජනයා සවිබල ගැන්වීම" භාෂා අපගේ දැක්ම සහ නිරන්තර උත්සාහය වන අතර එය අප එදා සිට අද දක්වාත්, අද සිට හෙට දවස දක්වාත් නිරන්තරයෙන් සිදු කරන්නකි.


අද අපට ඉතාමත්ම වැදගත් සහ අමතක නොවන දවසකි. මන්ද අප ශ්‍රී ලාංකික ජනතාවගේ ජංගම දුරකථනය මගින් රූපවාහිනී නාලිකා නැරඹීමේ අවශ්‍යතාවය ඉටු කර දුන් MobiTV ජංගම යෙදුම, ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ සියලුම ජංගම යෙදුම් අභිබවමින් Download සංඛ්‍යාව මිලියනය පසු කල බැවිනි.


Download සංඛ්‍යාව මිලියනය පසු කල ප්‍රථම ශ්‍රී ලාංකික ජංගම යෙදුම බවටද අපගේ MobiTV යෙදුම පත් වීම අපට නිහතමානී ආඩම්බරයකි. මිලියනයේ කඩයිම පසු කිරීමේ ගමන් මග තුල අප පිළිබඳ නිබඳවම විශ්වාසය තැබූ අපගේ ආදරණීය පරිශීලකයන් වන ඔබ සැමට භාෂා අපගේ ගෞරවණීය ස්තුතිය මෙසේ පුදකර සිටිමු!



Saturday, January 16, 2016

ශ්‍රී ලංකා පුවත් පත් කලාවේ මහගෙදර, ලේක් හවුස් ආයතනය තම ප්‍රථම පුවත් පත් වාර්තාකරණ ජංගම දුරකථන යෙදුම එළි දක්වයි.



ශ්‍රී ලංකා පුවත් පත් කලාවේ මහගෙදර, ලේක් හවුස් ආයතනය මගින් දශක ගණනාවක් පුරාවට සිදු කරන්නේ, ශ්‍රී ලාංකේය ජනතාවට ශ්‍රී ලංකාව ඇතුලත මෙන්ම ලෝව සතර දෙසින් වාර්තා වන පුවත් සහ තොරතුරු වාර්තා කිරීමයි.
එම  සමාජ මෙහෙවරෙහි නවතම පියවරක් ලෙස, තම  පුවත් වාර්තා කරණය සදහා ජංගම දුරකථන තාක්ෂනය භාවිතා කරමින් පුවත් පත් කියවන්නන් හට ජංගම දුරකථන යෙදුමක් මගින් පුවත් හා තොරතුරු එසැණින්ම ප්‍රේක්ෂක ජනතාවට ලගා කර දීම පසුගිය දා සිදු කරන ලදී.

ලේක් හවුස් ආයතනය මගින් තිබු මෙම ඉදිරි පියවර සදහා තාක්ෂණික සහය ලබා දෙනු ලබන්නේ  භාෂා ලංකා ආයතනයයි. දිනමිණ, Daily News සහ තිනකරන්යන පුවත් පත් ත්‍රිත්වයටම වෙන වෙනම වශයෙන් ජංගම දුරකථන යෙදුම් 3ක් නිර්මාණය කර ඇති අතර ඒවා Android, iOs සහ Windows Mobile යන ජංගම දුරකථන මාදිලියන් සියල්ලම ආවරණය වන අයුරින් නිර්මාණය කොට ඇත්තේ පරිශීලකයන් හට උපරිම සේවාවක් ලබාදීමටයි.
භාෂා ආයතනය මගින් නිර්මාණය කරන ලද අනෙකුත් සියලු ජංගම දුරකථන යෙදුම් මෙන්ම,ජංගම දුරකතනයේ සිංහල දිස්වීම සිදු නොවුනද,  කිසිදු බාදාවකින් තොරව සිංහල අකුරු නැරඹීමේ හැකියාව ලේක් හවුස් ජංගම යෙදුම් වල ඇති නිසා  සුපුරුදු සිංහලෙන්ම පුවත්  කියවීමේ හැකියාව දැන් ශ්‍රී ලාංකික ජනතාවට හිමිවී ඇත.

Friday, January 8, 2016

Sri Lanka Parliament’s Official Mobile App engineered by Bhasha, launched!


The Official Mobile App of the Parliament of Sri Lanka which is a Technology Solution by Bhasha was launched on 07th January 2016 by the Hon Speaker Karu Jayasuriya at the Parliament. This mobile app provides parliamentary information including Member information, Acts & Bills, Questions and Answers, Calendar, News, Statistics etc. Documents such as Hansard, Order Papers, Order Books, Addendums and Committee Reports also can be viewed or downloaded through the app.

Now a days mobile applications has become a most popular way to communicate with the public people. Around the world there are 189 parliaments but few of them are using a mobile app. Through this technical they have deployed their own mobile apps in order to extend the access of parliamentary and legislative information to the general public through mobile devices.