ශ්රී ලංකා පුවත් පත් කලාවේ මහගෙදර, ලේක් හවුස්
ආයතනය මගින් දශක ගණනාවක් පුරාවට සිදු කරන්නේ, ශ්රී
ලාංකේය ජනතාවට ශ්රී ලංකාව ඇතුලත මෙන්ම ලෝව සතර දෙසින් වාර්තා වන පුවත් සහ තොරතුරු
වාර්තා කිරීමයි.
එම සමාජ
මෙහෙවරෙහි නවතම පියවරක් ලෙස, තම පුවත්
වාර්තා කරණය සදහා ජංගම දුරකථන තාක්ෂනය භාවිතා කරමින් පුවත් පත් කියවන්නන් හට ජංගම
දුරකථන යෙදුමක් මගින් පුවත් හා තොරතුරු එසැණින්ම ප්රේක්ෂක ජනතාවට ලගා කර දීම
පසුගිය දා සිදු කරන ලදී.
ලේක් හවුස් ආයතනය මගින් තිබු මෙම ඉදිරි පියවර
සදහා තාක්ෂණික සහය ලබා දෙනු ලබන්නේ භාෂා
ලංකා ආයතනයයි. දිනමිණ, Daily News සහ තිනකරන්යන පුවත් පත් ත්රිත්වයටම වෙන වෙනම වශයෙන් ජංගම දුරකථන යෙදුම් 3ක් නිර්මාණය කර ඇති
අතර ඒවා Android, iOs සහ Windows
Mobile යන ජංගම දුරකථන මාදිලියන් සියල්ලම ආවරණය වන අයුරින්
නිර්මාණය කොට ඇත්තේ පරිශීලකයන් හට උපරිම සේවාවක් ලබාදීමටයි.
No comments:
Post a Comment