අප සමාගමක් ලෙස නිරන්තරයෙන් සිදු කරන්නේ, අප තුල ඇති තාක්ෂණික දැනුම සහ අත්දැකීම් එකට ගොනු කොට ශ්‍රී ලාංකික ජනතාවට එදිනෙදා ජිවිතයේදී වඩාත් ප්‍රයෝජනවත් වන ජංගම දුරකථන මෘදුකාංග නිර්මාණය කිරීමයි.
"මහ ජනයා සවිබල ගැන්වීම" භාෂා අපගේ දැක්ම සහ නිරන්තර උත්සාහය වන අතර එය අප එදා සිට අද දක්වාත්, අද සිට හෙට දවස දක්වාත් නිරන්තරයෙන් සිදු කරන්නකි.
අද අපට ඉතාමත්ම වැදගත් සහ අමතක නොවන දවසකි. මන්ද අප ශ්‍රී ලාංකික ජනතාවගේ ජංගම දුරකථනය මගින් රූපවාහිනී නාලිකා නැරඹීමේ අවශ්‍යතාවය ඉටු කර දුන් MobiTV ජංගම යෙදුම, ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ සියලුම ජංගම යෙදුම් අභිබවමින් Download සංඛ්‍යාව මිලියනය පසු කල බැවිනි.
Download සංඛ්‍යාව මිලියනය පසු කල ප්‍රථම ශ්‍රී ලාංකික ජංගම යෙදුම බවටද අපගේ MobiTV යෙදුම පත් වීම අපට නිහතමානී ආඩම්බරයකි. මිලියනයේ කඩයිම පසු කිරීමේ ගමන් මග තුල අප පිළිබඳ නිබඳවම විශ්වාසය තැබූ අපගේ ආදරණීය පරිශීලකයන් වන ඔබ සැමට භාෂා අපගේ ගෞරවණීය ස්තුතිය මෙසේ පුදකර සිටිමු!
No comments:
Post a Comment