Wednesday, November 30, 2016

හෙළකුරු දැන් අලුත් මුහුණුවරකින් සහ නවතම විශේෂාංග රැසකින්



ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම බාගත කිරීම් ප්‍රමාණයක් ඇති හෙළකුරු දුරකථන යෙදුම සදහා ප්‍රධානතම යාවත්කාලීන (Update) කිරීමක් මීට දින කිහිපයකට පෙර අප විසින් ලබා දී ඇත. මීට වසර 5 කට පෙර හදුන්වාදුන් හෙළකුරු ජංගම යෙදුම වර්තමානය වන විට ශ්‍රී ලාංකේය ජංගම දුරකථන භාවිතා කරන්නම් අතර වැඩියෙන්ම භාවිතා වන ජංගම දුරකථන යෙදුමක් බවට පත් වී ඇති  බව තහවරු වන්නේ මිලියන  2 ඉක්මවූ භාගත කිරිම සහා මිලියනයකට වැඩි වූ දෛනික පරිශීලක ප්‍රමාණයක් නිසාවෙනි.



පෙර හෙළකුරු සදහා අප විසින් ලබා දී තිබු යතුරු පුවරු පසුබිම් කිහිපයක් වුවත් වර්තමානයේදී යතුරු පසුබිම් මුහුණුවරට ඉතාමත්ම අලංකාර පසුබිම් රූප ගණනාවක් ලබා දී ඇති අතර ඔබට අවශ්‍ය නම් ඔබ කැමති ජායාරුපයක් වුවද භාවිතා කරන්නට අවස්තාව දී ඇත. මෙහිදී ඔබට තම අභිමතය පරිදි රූපයක් තම හෙළකුරු යතුරු මුහුණුවර සදහා යොදාගත හැකිවන පරිද්දෙන් අප සහය සකසා ඇත්තේ සැමවිටම ඔබ කැමති දේ ලබා දීමට අප උත්සාහ කරන නිසාවෙනි.

හෙළකුරු, මුඋලිකවම ජංගම දුරකථන යතුරු මුහුණතක් වුවත් මෙවර අප ජංගම දුරකතන යතුරු පුවරුවකින් ලබාදෙන සේවාවන් වලට වැඩි යමක් ඔබට ලබාදීමේ පරීක්ෂණ මට්ටමේ උත්සහයක් දරා ඇත. එනම් දැනට ලෝකයේ යම් දියුණු රටවල් වල භාවිතා කරන " සියල්ල සදහා එකක්" ( All in one ) යන සංකල්පයයි.


හෙළකුරු මගින් දැන් ඔබට අකුරු කරනවාට අමතරව ප්‍රවෘති කියවීමට, ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නැරඹීමට, ලංකාවේ අලුත්ම Music Videos නරඹන්නට මෙන්ම හාස්‍යම  Videos නරඹන්නටද හැකියාව ඇත. 

මෙම නවතම යාවත්කාලීන කිරීමෙන් ඔබ ජංගම දුරකථනය මගින් සිදු කරගන්නා දෛනික කටයුතු රැසක්, ඔබට හෙලකුරු තනි දුරකථන යෙදුම මගින් පහසුවෙන් සිදු කර ගැනීමට පුළුවන් වී ඇති බව අපගේ විස්වාසයයි.


Saturday, November 12, 2016

INFOTEL 2016 - Official Mobile App



The Official Mobile App of INFOTEL 2016 powered by Bhasha launched today by the Hon. Minister Harin Fernando, The Minister of Telecommunication & Digital Infrastructure & Dhanika Perera, Founder & CEO of Bhasha at the Exhibition premises at BMICH today!

Friday, November 11, 2016

INFOTEL 2016



Infotel 2016 ශ්‍රී ලංකාවේ දැවැන්තම ICT  ප්‍රදර්ශනය මෙම වසරේද නොවෙම්බර් මස 11,12,13 යන දිනයන්හි, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී අති විශාල ජන සහබාගීත්වයකින් පැවැත් වුණි.පෙර වසරවල් වල දී මෙන්ම මෙවරත් අප භාෂා ආයතනය, INFOTEL 2016 ප්‍රදර්ශනයට සහභාගී වුනු අතර මෙවර අප විසින් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මහජනතාවගේ පහසුව තකා Infotel ප්‍රදර්ශනය පිළිබද තොරතුරු ඇතුලත් ජංගම දුරකථන යෙදුමක් ද ඉදිරිපත් කරන ලදී.

අප ආයතනය විසින් නිරමාණය කරන ලද ජංගම දුරකථන යෙදුම් මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයන් භාවිතා කරත් අපගේ ආදරණීය පරිශීලක ජනතාව මුහුණට මුහුණ හමුවීමට ඇත්තේ ඉතාමත්ම අඩු අවස්ථාවකි. එමනිසා Infotel වැනි මහජනයා එකතු වන ප්‍රදර්ශන වලට සහහාගී විමට අප දක්වන්නේ විශාල කැමැත්තකි.




මේවර අප විසින් ප්‍රදර්ශනයේදී එළි දක්වනු ලැබුවේ අප ආයතනයේ ප්‍රධානතම  නිපයුමක් වල හෙළකුරු ජංගම දුරකතන යෙදුමේ නව සංස්කරණයයි. පසුගිය වර්ෂ වලදී මෙන්ම මෙම වසරේද අප හිතවත් පරිශීලකයන් බොහෝ පිරිසක් සමග අදහස් හුවමාරු කරගැනීමට අවස්තාව ලැබුණු අතර ඔවුන්ගෙන් අපට ලැබුණු දිරි ගැන්වීම පිලිබදව අපට ඇත්තේ ඉමහත් සතුටකි.












Monday, November 7, 2016

භාෂා ආයතනයට තවත් ජාතික සම්මානයක් හිමිවෙයි


භාෂා ලංකා ආයතනයේ තවත් එක් නිර්මාණයක් වන Puvath Reader ජංගම දුරකථන  යෙදුම 2016 වසරේ e-ස්වාභිමානී ජාතික සම්මානයෙන් පිදුම් ලබයි. Puvath Reader ජංගම දුරකථන යෙදුම හරහා ශ්‍රී ලංකික ජනතාවට පහසු වන ආකාරයෙන් ලංකාවේ සියලුම පුවත් එක් තැනකින් කියවීමට හැකියාව සලසා දී ඇත.