Friday, February 19, 2016

හෙළකුරු මිලියනය පසුකළ වගයි



අපි ජීවත් වන ලෝකයෙහි විවිධ වූ භාෂාවන් දහස් ගණනක් ඇත. ශ්‍රී ලාංකේය අප එදිනෙදා ජීවිතයේ අදහස් හුවමාරු කරගන්නා විට ප්‍රධාන වශයෙන්ම භාවිතා කරනුයේ ඉන් සිංහල, දෙමල සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයයි. ශ්‍රී ලංකාවේ බහුතරයක් භාවිතා කරන භාෂාව සිංහල වන අතර අප නිවසේදී, පාසලේදී , මග තොටදී, කාර්යාලවලදී එකිනෙක සමග අදහස් හුවමාරු කරගන්නේ අපට සුපුරුදු සිංහලෙනි. මන්ද අප ජීවිතයට හොදින්ම තේරෙන සහ අපට අපගේ සිතුවිලි සහ අදහස් එලෙසිනම අන්‍යයන් සමඟ බෙදා ගැනීමට සිංහල භාෂාව තරම් ගැලපෙන ලොව වෙන කිසිදු භාෂාවක් නොමැති නිසාය.
වර්තමානයේ ශ්‍රී ලාංකිකයක් වැඩිවශයෙන්ම අදහස් හුවමාරු කරගැනීමට සමාජ ජාලා (Facebook, twitter, Instagram) වැනි මාධ්‍යන් බහුලව භාවිතා කරන අතර එයට වැඩියෙන්ම යොදා ගන්නේ ඕනෑම මොහොතක තමන් සතුව ඇති ජංගම දුරකතනයයි.
මීට වසර කිහිපයකට පෙර ජංගම දුරකථන මගින් ශ්‍රී ලාංකේය ජනතාවට තම මවු භාෂාව වන සිංහල, තම ජංගම දුරකතනයෙන් අකුරු කිරිමේ හැකියාවක් නොතිබුණි. එවිට බොහෝදෙනා සිදුකළේ සිංහල ශබ්දයට අනුව ඉංග්‍රීසි අකුරු කිරීමයි (සිංග්ලිෂ්). සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස අප එදා අපගේ සුන්දර වූ මවු භාෂාව ඉංග්‍රීසි අකුරු වලින් අවලස්සන වීම පිලිබඳව කනස්සල්ලට පත් වූවත් ඊට වෙන විසදුමක් නොතිබුණි.
 මීට තෙවසරකට පෙර අප භාෂා සමාගම විසිත් හෙළකුරු ජංගම යෙදුම නිර්මාණය කරන්නේ ලෝකයා හමුවේ ශ්‍රී ලාංකේය සිංහල භාෂාවේ අනන්‍යතාවය තහවරු කිරීමේ බලාපොරොත්තුවක් ඇතිවය. අපගේ එම බලාපොරොත්තුව ඉටු වී ඇතැයි කියා අපට දැනෙන්නේ 2016 අද වනවිට අපට ඉතාමත් සමීප සමාජ ජාල තුල අප මවු භාෂාව සිංග්ලිෂ් ආකාරයෙන් අවලස්සන වී තිබෙනු දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන් නිසාය. ඒ පිළිබඳ නෙත ගැටෙන සෑම මොහොතකම අප හිත් තුළ නිහතමානි ශ්‍රී ලාංකේය ආඩම්බරයක් ඇති වෙන්නේ එයට අප ඉමහත් ලෙස දායක වූ බැවිනි. එලෙසින්ම, ඔබත් ලෝකයා හමුවේ අප මවු භාෂාව වන සිංහල එලෙසම භාවිතා කරමින් ශ්‍රි ලාංකේය අනන්‍යතාව තහවරු කරගන්නා පුදිගලයෙකු ලෙස ඔබටත් ඒ පිළිබඳ ආඩම්බර විය හැක.

අද දින භාෂා අප හට ඉතාමත්ම සතුටු දිනයකි. මන්ද ශ්‍රී ලාංකීය ජන සමාජයට තමන් සතු ජංගම දුරකථනයෙන් සිංහල භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ලබාදුන් හෙළකුරු සිංහල යතුරුපුවරුව ඩවුන්ලෝඩ් සංඛ්‍යාව මිලියනය පසුකරමින් මිලියනයක් වූ ශ්‍රී ලාංකීය ජනතාව සවිබලගැන්වීමට සමත් වූ හෙයිනි ෴



Friday, February 5, 2016

MobiTV becomes the 1st Sri Lankan Mobile App to reach 1 Million Downloads


අප සමාගමක් ලෙස නිරන්තරයෙන් සිදු කරන්නේ, අප තුල ඇති තාක්ෂණික දැනුම සහ අත්දැකීම් එකට ගොනු කොට ශ්‍රී ලාංකික ජනතාවට එදිනෙදා ජිවිතයේදී වඩාත් ප්‍රයෝජනවත් වන ජංගම දුරකථන මෘදුකාංග නිර්මාණය කිරීමයි.
"මහ ජනයා සවිබල ගැන්වීම" භාෂා අපගේ දැක්ම සහ නිරන්තර උත්සාහය වන අතර එය අප එදා සිට අද දක්වාත්, අද සිට හෙට දවස දක්වාත් නිරන්තරයෙන් සිදු කරන්නකි.


අද අපට ඉතාමත්ම වැදගත් සහ අමතක නොවන දවසකි. මන්ද අප ශ්‍රී ලාංකික ජනතාවගේ ජංගම දුරකථනය මගින් රූපවාහිනී නාලිකා නැරඹීමේ අවශ්‍යතාවය ඉටු කර දුන් MobiTV ජංගම යෙදුම, ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ සියලුම ජංගම යෙදුම් අභිබවමින් Download සංඛ්‍යාව මිලියනය පසු කල බැවිනි.


Download සංඛ්‍යාව මිලියනය පසු කල ප්‍රථම ශ්‍රී ලාංකික ජංගම යෙදුම බවටද අපගේ MobiTV යෙදුම පත් වීම අපට නිහතමානී ආඩම්බරයකි. මිලියනයේ කඩයිම පසු කිරීමේ ගමන් මග තුල අප පිළිබඳ නිබඳවම විශ්වාසය තැබූ අපගේ ආදරණීය පරිශීලකයන් වන ඔබ සැමට භාෂා අපගේ ගෞරවණීය ස්තුතිය මෙසේ පුදකර සිටිමු!