Thursday, January 12, 2017

හෙළකුරු ශ්‍රී ලාංකිකයන් මිලියන දෙකකට තම වගකීම ඉටුකරයි



හෙළකුරට අන්තර්ජාලය තුළ ඇති වගකීම, එනම් වැඩි වැඩියෙන් සිංහල බස අන්තර්ජාලය තුල ප්‍රචලිත කිරීමේ සමාජ මෙහෙවර වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයින් මිලියන දෙකක් තරම් වූ ඇති විශාල පිරිසකට ළගා කරදීමට හැකි වූ බව සදහන් කරනුයේ ඉතාමත්ම අභිමානයකිනි

අද දින වන විට හෙළකුරු යෙදුමට වසර පහක් ගතවී ඇත. පස් වසරක් සපුරන හෙළකුරු වල වටිනාකම තවත් වැඩි වන්නේ දිනෙන් දින වැඩි වූ පරිශීලක සංඛ්‍යාව වර්තමානය වනවිට මිලියන 2 පසු කර තිබීමයි. ලංකාවේ භාවිතා වන මුළු ස්මාර්ට් ජංගම දුරකථන සංඛ්‍යාව හා සසඳන විට මිලියන 2ක් යනු ඉතාමත්ම විශාල කඩයිමකි. අප සැමවිටම ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට වැඩි ඉඩක් ලබාදෙන ආයතනයක් වශයෙන්, මිලියන දෙකකට අධික වූ ශ්‍රී ලාංකේය ජනතාවක් අපගේ හෙළකුරු යෙදුම හරහා සවිබලගැන්වීමට ලැබීම ගැන අප තුළ ඇත්තේ සතුට මුසු වූ ආඩම්බරයකි.
ආරම්භයේ සිටම අප සමග නිරන්තරයෙන් බැඳී සිටිනා අපගේම ආදරණිය ශ්‍රී ලාංකිකයෙනි, ඔබට අපගේ හෘද්‍යාංගම ස්තුතිය!









No comments:

Post a Comment