Friday, May 19, 2017

හෙළකුරේ පරිගණකාගමණය මෙසේ සනිටුහන් වූ වගයි...!!!

මෙතෙක් කල් ජංගම දුරකථන හා ජංගම උපාංගයන්ට පමණක් සීමා වූ හෙළකුරු සිංහල යතුරු පුවරුව දැන් පරිගණක සඳහාත් භාවිතා කළ හැකි බව ඔබට දන්වන්නේ සතුටිනි...



GDG Sri Lanka කණ්ඩායමේ හා Dialog Ideamart හි මෙහෙයවීමෙන් Google I/O Extended 2017 තාක්ෂණික සමුළුව මැයි 17 වන දින දහවල් 12 සිට පසුවදා පහන් වන තුරු කොළඹ BMICH හිදී සාර්ථකව නිමාවුණි. මෙවර Google I/O Extended තාක්ෂණික ප්‍රදර්ශණය සඳහා අප Bhasha Lanka සමාගමේ ප්‍රදර්ශණ කුටියක් ද එක් කර තිබුණා. මෙවර අපේ ප්‍රදර්ශණ කුටිය වෙන් කර තිබුණේ හෙළකුරේ පරිගණකාගමනය වෙනුවෙන්. ඒ වෙනුවෙන් අප ප්‍රදර්ශණ කුටිය තුළ සුවිශේෂී වැඩසටහන් කීපයක් දියත් කරන්නට අපි කටයුතු කළා.



ප්‍රදර්ශණය සඳහා සහභාගී වූ අති විශාල මහජනකායක ගේ සුවිශේෂී ආකර්ෂණයක් මෙම භාෂා ප්‍රදර්ශණ කුටිය වෙත ලැබී තිබෙනු අපිට දකින්නට ලැබුණා. භාෂා ප්‍රදර්ශණ කුටියට පැමිණි සැවොම පාහේ උනන්දු වූයේ හෙළකුරේ පරිගණකාගමනය වෙනුවෙන් අප විසින් ඉදිරිපත් කර තිබුණු Game එක සඳහා සහභාගි වීමටයි. ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන මෘදුකාංගය වන හෙළකුරු යතුරු පුවරුව, පරිගණක භාවිතා කරන අය සඳහාත් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවුනා. හෙළකුරු යතුරු පුවරු සහාය Google Chrome extension එකක් ආකාරයෙන් නිකුත් කිරීම ද පසුව සිදුවුනා. පරිගණක ක්‍රීඩාවක් ආකාරයෙන් ඉදිරිපත් කර තිබුණු ඉහත අංගයෙන් සිදුවූයේ අපගේ ප්‍රදර්ශණ කුටිය වෙත පැමිණෙන පරිශීලකයන් හට හෙළකුරු පරිගණකයෙන් යතුරු කිරීමට අවස්ථාව ලබා දීමයි. එ් සඳහා අප විසින් ඉදිරිපත් කර තිබූ වාක්‍ය කොටසක් නිවැරදි ව ටයිප් කළ යුතු වූ අතර, අදාල කාලය තුළ දී නිවැරදිව ටයිප් කළ සියළු දෙනාටම හෙළකුරු මග් එකක් පිරිනැමුනා. ඒ වගේම මේ තරඟයට සහභාගී වී හෙළකුරු පරිගණකාගමනය අත් විඳි සියල්ලන්ටම හෙළකුරු ස්ටිකර් ද බෙදා දීමට කටයුතු යොදා තිබුණා.

භාෂා හෙළකුරු ප්‍රදර්ශණ කුටිය වෙත පැමිණි සුවහසක් වූ ජනකායකගේ උණුසුම් ප්‍රතිචාර හෙළකුරු වෙත හිමිවුණු අතර, හෙළකුරු පරිගණකාගමනය සජීවී ව අත් විඳින්නට ලැබීම මෙන්ම, භාෂා කණ්ඩායම හමුවී අදහස් බෙදා හදා ගන්නට ලැබීම ද මහඟු අවස්ථාවක් ලෙස බොහෝ දෙනෙක් කියා සිටියා.



Bhasha සමාගමේ නිර්මාතෘ වගේම ප්‍රධාන විධායක නිළධාරී ධනික පෙරේරා ද මෙවර Google I/O Extended හිදී විශේෂ ආරාධිත දේශණයක් සඳහා ආරාධනා ලබා සිටි අතර අලුයම 4.00 ට පමණ එම දේශනය ආරම්භ විණි. හෙළකුරු ඉතිහාසය, හෙළකුරු සාර්ථකත්වයේ රහස හා නවමු නිපැයුමක් වශයෙන් හෙළකුරු හි වැදගත්කම පිළිබඳව පැමිණි සිටි පිරිසට කරුණු ඉදිරිපත් කිරීමට ධනික පෙරේරා කටයුතු කලේ ප්‍රේක්ෂකාගාරය තමා වෙත ඇද බැඳ තබා ගනිමින්. එමෙන්ම මේ දේශණය අතරතුර දී තවත් සුවිශේෂී කාරණාවක් සිදුවුනා. පළමුවැන්න නම්, හෙළකුරු සඳහා නිර්මාණය කරන ලද තේමා ගීතය දොරට වැඩීමයි. එය ලංකාවේ තොරතුරු තාක්ෂණික නිපැයුමක් වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු වන තේමා ගීතය ලෙස හැඳින්විය හැකියි.

ඉන්පසු ව එළෙඹියේ වඩාත් සුවිශේෂී වූ මොහොතයි. සිය දේශණය අතර මැද දී භාෂා සමාගමේ නවතම එළි දැක්වීම භාෂා ප්‍රධානී ධනික පෙරේරා විසින් ඉදිරිපත් කරන්නට යෙදුනා. ඒ හෙළකුරේ පරිගණකාගමනය සනිටුහන් කරමින් Chrome වෙබ් බ්‍රවුසරය වෙනුවෙන් වූ extension එකක් ලෙසින් හෙළකුරු සහාය වෙබ් බ්‍රවුසරය වෙත ලබාදීමයි. එ් අනුව මේ දක්වා ඇන්ඩ්‍රොයිඩ් හා iOS සඳහා පමණක් වූ හෙළකුරු ජංගම යතුරු පුවරුව දැන් Windows, MacOS, Linux යන ඕනෑම පරිගණක මෙහෙයුම් පද්ධතියක් මත ද භාවිතා කළ හැකි වනු ඇත. ජංගම දුරකථනයේ දී මෙන්ම මෙම Chrome extension එකේදී ද Sinhala Phonetic හා Sinhala Wijesekara යන ආකාර දෙකෙන්ම ඔබට සිංහල යතුරු කළ හැකියි.



https://goo.gl/J5Lw5D යන වෙබ් ලිපිනය මගින් හෙළකුරු extension එක ඔබේ Chrome Browser එකටත් ලබාගන්නට පුළුවන්. හෙළකුරු Chrome extension එක තවමත් beta මට්ටමේ පවතින අතර මෙම අත්හදා බැලීමේ කාල සීමාව අවසානයේ දී, දෝෂ රහිතව වැඩි දියුණු කළ සංස්කරණයක් නිකුත් වනු ඇත. එමෙන්ම බ්‍රවුසරයට පමණක් සීමා නොවී, මුළු පරිගණකය පුරාම හෙළකුරු මගින් යතුරු කළ හැකි ආකාරයේ පරිගණක යෙදුමක් ලෙසින් ඉදිරියේදී හෙළකුරු ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම්...

No comments:

Post a Comment