Wednesday, November 30, 2016

හෙළකුරු දැන් අලුත් මුහුණුවරකින් සහ නවතම විශේෂාංග රැසකින්



ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම බාගත කිරීම් ප්‍රමාණයක් ඇති හෙළකුරු දුරකථන යෙදුම සදහා ප්‍රධානතම යාවත්කාලීන (Update) කිරීමක් මීට දින කිහිපයකට පෙර අප විසින් ලබා දී ඇත. මීට වසර 5 කට පෙර හදුන්වාදුන් හෙළකුරු ජංගම යෙදුම වර්තමානය වන විට ශ්‍රී ලාංකේය ජංගම දුරකථන භාවිතා කරන්නම් අතර වැඩියෙන්ම භාවිතා වන ජංගම දුරකථන යෙදුමක් බවට පත් වී ඇති  බව තහවරු වන්නේ මිලියන  2 ඉක්මවූ භාගත කිරිම සහා මිලියනයකට වැඩි වූ දෛනික පරිශීලක ප්‍රමාණයක් නිසාවෙනි.



පෙර හෙළකුරු සදහා අප විසින් ලබා දී තිබු යතුරු පුවරු පසුබිම් කිහිපයක් වුවත් වර්තමානයේදී යතුරු පසුබිම් මුහුණුවරට ඉතාමත්ම අලංකාර පසුබිම් රූප ගණනාවක් ලබා දී ඇති අතර ඔබට අවශ්‍ය නම් ඔබ කැමති ජායාරුපයක් වුවද භාවිතා කරන්නට අවස්තාව දී ඇත. මෙහිදී ඔබට තම අභිමතය පරිදි රූපයක් තම හෙළකුරු යතුරු මුහුණුවර සදහා යොදාගත හැකිවන පරිද්දෙන් අප සහය සකසා ඇත්තේ සැමවිටම ඔබ කැමති දේ ලබා දීමට අප උත්සාහ කරන නිසාවෙනි.

හෙළකුරු, මුඋලිකවම ජංගම දුරකථන යතුරු මුහුණතක් වුවත් මෙවර අප ජංගම දුරකතන යතුරු පුවරුවකින් ලබාදෙන සේවාවන් වලට වැඩි යමක් ඔබට ලබාදීමේ පරීක්ෂණ මට්ටමේ උත්සහයක් දරා ඇත. එනම් දැනට ලෝකයේ යම් දියුණු රටවල් වල භාවිතා කරන " සියල්ල සදහා එකක්" ( All in one ) යන සංකල්පයයි.


හෙළකුරු මගින් දැන් ඔබට අකුරු කරනවාට අමතරව ප්‍රවෘති කියවීමට, ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නැරඹීමට, ලංකාවේ අලුත්ම Music Videos නරඹන්නට මෙන්ම හාස්‍යම  Videos නරඹන්නටද හැකියාව ඇත. 

මෙම නවතම යාවත්කාලීන කිරීමෙන් ඔබ ජංගම දුරකථනය මගින් සිදු කරගන්නා දෛනික කටයුතු රැසක්, ඔබට හෙලකුරු තනි දුරකථන යෙදුම මගින් පහසුවෙන් සිදු කර ගැනීමට පුළුවන් වී ඇති බව අපගේ විස්වාසයයි.


No comments:

Post a Comment