Thursday, January 12, 2017

හෙළකුරු ශ්‍රී ලාංකිකයන් මිලියන දෙකකට තම වගකීම ඉටුකරයි



හෙළකුරට අන්තර්ජාලය තුළ ඇති වගකීම, එනම් වැඩි වැඩියෙන් සිංහල බස අන්තර්ජාලය තුල ප්‍රචලිත කිරීමේ සමාජ මෙහෙවර වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයින් මිලියන දෙකක් තරම් වූ ඇති විශාල පිරිසකට ළගා කරදීමට හැකි වූ බව සදහන් කරනුයේ ඉතාමත්ම අභිමානයකිනි

අද දින වන විට හෙළකුරු යෙදුමට වසර පහක් ගතවී ඇත. පස් වසරක් සපුරන හෙළකුරු වල වටිනාකම තවත් වැඩි වන්නේ දිනෙන් දින වැඩි වූ පරිශීලක සංඛ්‍යාව වර්තමානය වනවිට මිලියන 2 පසු කර තිබීමයි. ලංකාවේ භාවිතා වන මුළු ස්මාර්ට් ජංගම දුරකථන සංඛ්‍යාව හා සසඳන විට මිලියන 2ක් යනු ඉතාමත්ම විශාල කඩයිමකි. අප සැමවිටම ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට වැඩි ඉඩක් ලබාදෙන ආයතනයක් වශයෙන්, මිලියන දෙකකට අධික වූ ශ්‍රී ලාංකේය ජනතාවක් අපගේ හෙළකුරු යෙදුම හරහා සවිබලගැන්වීමට ලැබීම ගැන අප තුළ ඇත්තේ සතුට මුසු වූ ආඩම්බරයකි.
ආරම්භයේ සිටම අප සමග නිරන්තරයෙන් බැඳී සිටිනා අපගේම ආදරණිය ශ්‍රී ලාංකිකයෙනි, ඔබට අපගේ හෘද්‍යාංගම ස්තුතිය!









Sunday, January 1, 2017

2017 නව වසරට Bhasha වෙතින් ඔබට පුංචි තිළිණයක්...




ශ්‍රී ලංකාවේ සියලුම නිවාඩු දිනයන් සහිත ඩිජිටල් දින දසුන් යෙදුමක් අප විසින් ඔබට මෙම අවුරුද්දේ ප්‍රථම දිනයේදීම ලබා දෙන්නෙමු.

මෙම දින දසුන් යෙදුම Android සහ Apple ජංගම දුරකතම මාදිලි දෙවර්ගයටම ගැලපෙන පරිදි සකසා ඇති අතර අප විස්වාස කරනුයේ  මෙම යෙදුම ඔබට ඔබගේ දෛනික ජිවිතයේදී පහසුවක් ළගා කරනු ඇති බවය.

Android දුරකථන සදහා යෙදුම බාගත කරගන්න 

Apple දුරකථන සදහා යෙදුම බාගත කරගන්න 

ඔබ සැමට සුබ නව වසරක් වේවා!



පෙර වසරවලදී මෙන්ම, 2017 වර්ශයේදී ද අප බලාපොරොත්තු වන්නේ අප ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවගේ පහසුව උදෙසා නවතම තාක්ෂණික නිර්මාණ ඉදිරිපත් කිරීමයි. 
5 වසරක් පුරාවට අප එකතු කරගත් අත්දැකීම් මත අප හඳූනා ගත්, ශ්‍රී ලාංකේයයනට ඉටුවිය යුතු මෙහෙවර සඳහා, මෙම වසරේදී ත් විවිද වූ අභියෝගයන් වලට මුහුණදීමට සහ එම මෙහෙවර 100% ක් ඉටු කිරීම භාෂා අපගේ 2017 නව වර්ෂයේ අපගේ අරමුණයි. 
ආරම්භයේ සිටම අප සමග නිරන්තරයෙන් සමීප වෙමින්, අදහස් බෙදා ගනිමින්, හැකි උපරිම ලෙස අප දිරිමත් කෙරූ  අපගේ වටිනාම සම්පත වන පරිශීලක ඔබ සැමට, මේ ලබූ නව වසර සුබම සුබ නව වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.